( මහින්ද නිශ්ශංක )
මන්නාරම,පුනාකරී හා දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රාදේශීය සභා තුන සදහා පැවැත්වෙන ජන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
ලබන 27 දා දහවල් 12 ට නාමයෝජනා භාරගැනීම අවසන් කෙරෙන අතර ඇප මුදල් තැන්පත් භාර ගැනීම ලබන 26 දා දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමිෂම පවසයි.
අධිකරණ කටයුතු හේතුවෙන් මන්නාරම,පුනාකරී හා දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවල නාමයෝජනා භාරගැනීම ප්‍රමාද වූ බව කොමිෂන් සභාව වැඩි දුරටත් පවසයි.