ඇමෙරිකානු ජාතිකයකු සමග තමන්ට ප්‍රේම සබඳතාවයක් තිබෙන බවත්, ජනවාරි මසදී තමන් ඔහු සමග විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් යන කටකතාව අසත්‍යයක් බව ජනප්‍රිය බොලිවුඩ් නිළි ප්‍රීති සින්ටා පවසන්නීය. කෙසේ වෙතත් ඇය පිළිබඳ අපූරු කතා ප්‍රවෘත්තියක් මේ දිනවල බොලිවුඩය කළඹා තිබෙන අතර ඊට හේතු වී තිබෙන්නේ තමන් අයිශ්වර්යා රායි සමගින් දැඩි බැඳියාවක් ඇති බව පැවසීමය. කෙසේ වෙතත් එම ට්විටරයට අපූරුවට පිළිතුරුදී ඇති අයිශ්වර්යා රායි බච්චන්ගේ සැමියා වන අභිෂේක් බච්චන් පවසා ඇත්තේ එය දැන ගන්නට ලැබීමත් සන්තෝසයක් බවය. එනම් ඒ පිළිබඳව බච්චන් එතරම් තැකීමක් කර නොමැති බව ඇතැම් මාධ්‍යය සඳහන් කරයි.