පාඨමාලා 16කින් කෝටි 2ක් නීතියට පිටින් අරන්


(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය 2023 වර්ෂයේදී පාඨමාලා 16කින් දෙකෝටියකට ආසන්න  පාඨමාලා ගාස්තු මුදලක්  නීති විරෝධීව  අය කරගෙන  තිබූ  බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

මෙම පූර්ණකාලීන පාඨමාලා 16  සඳහා ගාස්තු අය කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතියදී නොතිබූ බවද එහි දැක්වේ.

මේ අතර 2023 වර්ෂය සඳහා සනීපාරක්ෂක සේවාව ප්‍රසම්පාදනයේදී නියමිත දිනයට කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කටයුතු නොකර ඊට පෙර වර්ෂ දෙකෙහි කොන්ත්‍රාත්තුව පවරා තිබූ දෙවැනි අවම මිල ඉදිරිපත් කර තිබූ සැපයුම්කරුටම  කොන්ත්‍රාත්තුව පිරිනැමීම හේතුවෙන් අධිකාරියට රුපියල් විසි ලක්ෂ තිස් අටදහස් හත්සීයක පාඩුවක් සිදුව තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.