පැය 17කට පසුත් අවි ගඩබාව පුපුරයි


කොස්ගම හමුදාවේ අවි ගබඩාවේ ගින්නෙන් පැය 17 කට  පසුව ද පිපිරුම්  දෙකක් මීටරයක්  දුරට ඇසිණි. කඳවුරේ සිට කිලෝමීටරයක්  දුරින්  පිහිටි ගෙවල් වලට  ද හානි සිදු වී තිබේ. ගින්නට  හසු වු උණ්ඩ වල කැබලි  විසි විමෙන් බිත්ති පුපුරා ගොස් ඇත. ඇතැම් බිත්ති වල සිදුරු ද ඇතැම් ඒවා වල වහල ද කැඩී ඇත.

එම්.සේනක (හිටපු හමුදා නිලධරී) - ‘මං ආමි එකේ වැඩ කළේ.කකුලේ ආබාධයක් තියෙනවා.අපේ ගෙවල්  කැම්ප් එකට  ළඟයි. රතිඤ්ඤා වගේ සද්දයක් ඉරිදා(05) හවස ආවා.අපි හිතුවේ කැම්ප් එකේ වෙඩි පිටියේ පුරුදු වෙනවා කියලා. ටික වේලාවක්  යද්දී ලොකු දුමක් නැග්ගා. හැමෝම දිව්වා.අපිත් දිව්වා. උදේ ගෙවල් පැත්තේ ගියා.පාර දිගටම මෝටාර් වගේ  ඒවා වැටිලා.අපේ ගෙදරටත් ගොඩක්  හානි වෙලා.’

ජයසුරිය (කඳවුර අසල ආපනාශාලා හිමිකරුවෙක්) - ආමි එකට මං කෑම දෙනවා.කැම්ප් එක ගාව හෝටලයක් තියෙනවා.සිද්ධිය වෙන දවසේ කැම්ප් එකට කෑම වගයක් දෙන්න හිටියේ.හවස 5.25 එට  විතර ඒ පැත්තෙන් දුමක් ආවා.කැම්ප් එකේ නිලධාරින් දෙන්නෙක්ට කතා කලාම එයාලා කිව්වා දුමක් එනවා දුවන්න කියලා. ඒ එක්කම අපේ බබලා දෙන්නා කෑගැවුවා දුම දානවා කියලා.හැමෝම දිව්වා. අපිත් දිව්වා.

 

IMG_9150 IMG_9152 IMG_9222

IMG_9136

IMG_9196 IMG_9208IMG_9201 IMG_9236

ඡායාරූප - කෞශල්‍ය සමින්ද