(අංජුල මහික වීරරත්න)
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ “ආදර්ශ නාගරික හරිත කලාප” ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
එහි පළමු අදියර යටතේ පෑලියගොඩ සහ ඔරුගොඩවත්ත ප්‍රදේශවල “ආදර්ශ නාගරික හරිත කලාප” දෙකක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
හරිත නගර සංකල්පයට අනුව නගර සැලසුම්කරණ ව්‍යාපෘතියක් ලෙස රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර මෙම මාර්තු මාසය අවසානයට පෙර එහි කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
රාජ්‍ය - පෞද්ගලික - ජනතා හවුල්කාරිත්වය යන (Public- Private – People Partnership) 4P සංකල්පයට අනුව රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සහ පුරවැසියන් එකට එක් කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
නාගරික වශයෙන් ජන සංකේන්ද්‍රණය ඉහළ යෑමත් සමග වායු දූෂණය, ගොඩබිම දූෂණය, ජල දූෂණය ඇතුළු බොහෝ පාරිසරික ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති අතර තිරසර හරිත නගර සංකල්පය පිළිබඳ ලෝකයේම අවධානය යොමුව ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.