(ලාල් එස් කුමාර)
පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණයේ උඩුමහලේ පලතුරු වෙළඳාමේ නිරත ව්‍යාපාරිකයන්ට හා පාරිභෝගිකයන්ට විවිධ ගැටලු හා දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවී ඇතැයි චෝදනා කරමින් එම ව්‍යාපාරිකයෝ හා සේවකයෝ උද්ඝෝෂණයක් නිරත වූහ.
එම ගැටළු නිසා ඔවුන්ගේ අලෙවිය පහත වැටී ඇති බැවින් ගැටලු කඩින්නමින් විසඳා දෙන ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට අවස්ථා කීපයකදී ඉදිරිපත් කළ නමුත් මේ වනතුරු එයට ප්‍රතිචාරයක් නොමැති බැවින් වහා මේ පිළිබඳ සොයා බලා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා ඔවුහු පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ නිරත වූහ.