(බිමල් ශයාමන් ජයසිංහ)
පිටකොටුව රෙක්ල මේෂන් පාරේ බෑන්ක් ගොඩනැගිල්ලේ ඇති වූ ගින්නෙන් වෙළඳසැල් රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පිටකොටුව පොලිසිය කියයි.
සිව්මහල් ගොඩනැගිල්ලේ පළමු මහලින් ඇතිවූ ගින්න කෙටි කාලයක් තුළදී ඉහළ මහල කරා පැතිර ගිය බවද පොලිසිය සඳහන් කරයි.
මල් වෙළඳසැල් සහ විදුලි උපාංග වෙළඳසැල් ඇතුළු විවිධ වෙළඳසැල් රැසක් පිහිටා තිබෙන මෙම ගොඩනැගිල්ලේ ඉහළ මහලේ එම වෙළඳසැල්වල ගබඩා පිහිටා තිබෙන බව දැනගන්නට ලැබුණු බවත් පොලිස් නිලධාරියකු පැවසීය.
ඇතිවූ ගින්න නිවීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙන්ම නාවික හමුදාවේ ගිනි නිවීම් ඒකකයේ රථ විශාල ප්‍රමාණයක් සමග ඒ නිලධාරීන් පැමිණි බවත් පැය තුනකට ආසන්න කාලයක් ගත වුවත් ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට නොහැකි වූ බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.