පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම 22 වැනිදා සිට


(යොහාන් භාසුර)

එළඹෙන පළාත් පාලන ආයතන මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අප්‍රේල් මස 22 වැනිදා ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පැවසීය.

ඒ අනුව තැපැල් ඡන්ද සළකුණු කිරීම අප්‍රේල් මස 22, 23 සහ 24 යන දිනවල සහ අප්‍රේල් මස 28 සහ 29 දෙදින ඇතුළුව දින 5 ක් ක්‍රියාත්මක වන බවත් පළාත් පාලන ආයතන 339 යේ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අප්‍රේල් මස 7 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාවලදී කරන බවත් මැතිවරණ කොමිසම වැඩි දුරටත් පැවසීය.