පුංචි ඡන්දෙට මැතිසබේ කැලැන්ඩරය වෙනස් වෙයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පළාත් පාලන මැතිවරණය මැයි මස 6 වැනිදා පැවැත්වෙන හෙයින් එම මාසයේ පළමු සතියට අදාල රැස්වීම් 8 සහ 9 දෙදින පමණක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතාර්නායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  රැස්විය.

එසේම මෙම දෙදිනට අදාළ පාර්ලිමේන්තු කටයුතු අප්‍රේල් පළමු සතියේ  තීරණය කිරීමට නියමිතව ඇත.

අප්‍රේල් මාසයට අදාළ පාර්ලිමේන්තු රැස්වීම් මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ පරිදි  අප්‍රේල් 8, 9 සහ 10 තෙදින පැවැත්වේ.   

බට ලන්ද කොමිෂන්  සභා වාර්තාව පිළිබඳ විවාදය අප්‍රේල් මස 10 වැනිදා පැවැත්වේ.