පොරෝ පහරින් එක්දරුපියා අවසන් ගමන් යයි


( දිනේෂ් උපේන්‍ද්‍ර)                                                           

කුලියාපිටිය රත්මලේවත්ත ප්‍රදේශයේදී  31 හැවිරිදි පුද්ගලයෙක්  නිවසකදී පොරවකින් කපා කොටා ඝාතනය කර ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.

කුලියාපිටිය ගලහිටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසංක දමිත් රාජපක්‍ෂ නැමැති එක්දරු පියෙකු  මෙලෙස ඝාතනයට ලක්ව තිබේ.

මරණකරු කුලියාපිටිය අධිකරණයේ විභාගවන මිනීමැරුම් නඩු ඇතුලු විභාගවෙමින් පවතින නඩු කිහිපයක් පවතින අයෙක් බව පොලිසිය කියයි.

සංගීත ප්‍රසංගයක් නැරඹීමට යාමට මත්තෙන් රත්මලේවත්ත ප්‍රදේශයේ නිවසක පැවති සාදයක ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාම හේතුවෙන් එම ඝාතනය සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

නිවසේ හිමිකරු ඇතුලු සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය එහිදී පැවසීය.