පොලිස් ගැටෙන් කතක් අත්අඩංගුවට


විශ්‍රාමික විනිසුරුවරියක්  බව කියමින් චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරවමින් තරුණියන් රට රට වලට යැවීමට මුදල් ගෙන වංචා කළැයි කියන 50 හැවිරිදි කතක අත්අඩංගුව ගත් බව පොලිසිය කියයි.

මෙම කාන්තාවට නුගේගොඩ, කඩවත හා ඉඹුල්ගොඩ ගෙවල් ඇති බව පොලිසිය කියයි.

ඇය වංචා කළැයි කියන මුදල් කොපමණද යන්න සොයාගෙන යන බවත් ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කියයි.

තමන් එතෙර යවන ලෙස ඉල්ලා පොලිසියේ දෙදෙනෙකු තරුණ යුවළක් ලෙස පැමිණ ඇය හමුවී ඇතැයි ද ඉන් පසු  ඇය අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි.