පොලිසිය සැකකරුවකු අල්ලන්න මහජන සහාය පතයි


(ඉන්දිකා රාමනායක)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විමර්ශනයකට අදාළ සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.

වැලිගම, කෝවිල් කන්ද, කඩේවත්ත ප්‍රදේශයේ පදිංචි උදයංග ලක්මාල් හෙවත් ( ෂාටා) (35) නැමැති මෙම සැකකරු සංචාරක මගපෙන්වන්නකු වශයෙන් කටයුතු කර ඇති බවද පොලිසිය කියයි .

සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මග මගහරිමින් සැඟව සිටින බවද පොලිස් පොලිසිය කියයි.