
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පතිවරයාට එරෙහිව කොන්ද කෙලින් තීරණයක් ගත් බන්දුල ගුණරත්න ගම්පහ මහේස්ත්රාත්වරයා හිටිහැටියේ මාරු කිරීම අන්ත අසාධාරණ ක්රියාවක් බව මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පැවසීය.
චාමර සම්පත් දසනායක මහතා මෙසේද පැවසීය.
ගම්පහ මහේස්ත්රාත් නිවැරදි තීන්දුවක් ගත්තා. පැහැර ගැනීම් ගැන ගැසට් එක ගහන්න ඕන ලංකාවටම. ගැහුවේ පළාතකට. ගම්පහ මහේස්ත්රාත් මේ ගැසට්ටුව වැරදියි කියලා කිව්වා. මහේස්ත්රාත්වරයකුට බලතල පාවිච්චි කරන්න පුළුවන්. ඔහු කොන්ද කෙලින් ඍජු තීන්දුවක් ගත්තා. මේ රටේ කොන්ද කෙලින් තියෙන විනිශ්චකාරවරයා තමයි ගම්පහ මහේස්ත්රාත්. පොලිස්පති ගැන තීන්දුවක් ගත්තා කියලා හිටිහැටියේ මාරු කරන්නේ කොහොමද.
ආණ්ඩුව නීතියට අත අත ගන්නේ නෑ කියනවා. එහෙනම් කොහොමද පොලිස්පතිතුමා මාරු කරලා යැව්වේ. එහෙම කරන්න පුළුවන්ද. නඩුකාරයන් විසි එක් දෙනෙකුගේ වැඩ තහනම් කළා. මේ තීන්දුව ගත්තේ එදා පොලිස්පතිවරයාට විරුද්ධව ෆයිල් එක අභියාචනාධිකරණට යවපු නිසා. ආණ්ඩුවක් විදිහට මේ වගේ දේවල් කල්පනා කරලා කරන්න ඕන.
මන්ත්රී දයාසිරි ජයසේකර මහතා:
පොලිස්පති සම්බන්ධයෙන් ගම්පහ මහේස්ත්රාත්වරයා දීපු තීන්දුවක් තිබුණා. පොලිස්පති නිකුත් කළ චක්රලේඛයකට අදාලව ක්රියාමාර්ගයක් ගෙන තිබුණා. ඒක කරපු මහේස්ත්රාත්තුමා මේ වෙනකොට මාරු කරලා තියෙනවා. ඒකද රටේ නීතිය. පැහැර ගැනීම් වලට විරුද්ධව කටයුතු කරපු මහේස්ත්රාත්වරයාට මාරුවෙලා යන්න සිද්ධ වෙලා.
මුජිබර් රහුමාන් මහතා:
බන්දුල ගුණරත්න මහේස්ත්රාත්වරයා මාරු කළේ පොලිස්පතිවරයාට එරෙහිව තීන්දුවක් දුන්න නිසයි. මෙහෙමද ඔබතුමාලා අධිකරණයේ ස්වාධීනත්වය හදන්නෙ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd