(රංජන් කස්තුරි)

මැතිවරණ කොමිෂන් සභාව මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරිත්වය අත්හිටුවා තිබේ.

එම පක්ෂයේ නිමල් සිරිපා ද සිල්වා පාර්ශ්වය සහ දයාසිරි ජයසේකර පාර්ශවය අතර පවතින අර්බුදය සමනය වන තෙක් හෝ අධිකරණය මගින් තීන්දුවක් ලබා දෙන තෙක් එම පක්ෂයේ ක්‍රියාකාරීත්වය අත්හිටුවා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම් ධුරය පුරප්පාඩුව පවතින බවට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙන අතර එම පක්ෂයේ ක්‍රියාකාරිත්වය පිළි නොගන්නා බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපාර්ශවය අතර අර්බුදය වසර දෙකක පමණ කාලයක සිට පවතින්නක් බවද රත්නායක මහතා සඳහන් කළේය.