පොලිසියේ අටකට නොතීසි


පොලීසිය භාරයේ සිටි සැකකරුවකුට වදහිංසා කළැයි සැකපිට චුන්නාකම් හිටපු පොලිස් ස්ථානාධිපති ඇතුළු අට දෙනකුට ලබන 22 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු එම් ඉලංගචේලියන් මහතා නියෝග කළේය.

2011 නොවැමිබර් 22 වැනි දා යාපනය චුන්නාකම් පොලිස් වසමේ සිදු කළ මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පස් දෙනෙකු අතුරින් ශ්‍රී ස්කන්ධරාජා සුමනන් නැමති සැකකරුට   වදහිංසාවන් සිදුකළ බවට චෝදනා එල්ල කර තිබේ.