(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා බොහෝ සෙයින් හැඟීම්බරවනු දැක ගත හැකිවිය.
බිමල් රත්නායක මහතා එම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු ඉතිහාසය පුරා සිදුවූ තරුණ ඝාතන සම්බන්ධයෙන් දීර්ඝව කරුණු දැක්විය.
රත්නායක මහතා විනාඩි දහයකට වැඩි කාලයක් එම කතාව කළේය.
බිමල් රත්නායක මහතාගේ කතාව ඇසූ කතානායකවරයා එක් අවස්ථාවක බොහෝ සෙයින් හැඟීම්බර වනු දැක ගත හැකිවිය. කොපමණ හැඟීම්බර වුණාදැයි කිවහොත් මීළඟ කථිකයාගේ නම ප්‍රකාශ කිරීමට පවා ඔහුට දැඩි ආයාසයක් දැරීමට සිදුවිය.