බඩු මිල වැඩිද? පාරිභෝගික අධිකාරිය කියන කතාව


වෙළෙදපොළේ කිසියම් භාණ්ඩයක හිගයක් පවතින අවස්ථාවලදී ඊට විකල්ප භාණ්ඩ මිලදී ගැනීම ඉතා වැදගත් වන බව පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවැසීය.

යම් හේතු නිසා වෙළෙපොළේ සැපයුම අඩු භාණ්ඩ දිගින් දිගට සොයායාම සහ එවැනි භාණ්ඩ නිවෙසේ ගබඩා කර තබාගැනීම හේතුවෙන් යම් භාණ්ඩයකට අනවශ්‍ය ඉල්ලුමක් වෙළෙපොළේ ඇති වන අතර අනවශ්‍ය ලෙස මිල ඉහළයාමද දක්නට ලැබෙන බව බණ්ඩාර මහතා කීය.

එමෙන්ම වෙළෙදපොළේ හිග භාණ්ඩ වෙනුවට වෙනත් විකල්ප භාණ්ඩ කෙරෙහි යොමුවී වැදගත් වන අතර එවැනි අවස්ථාවලදී පාරිභෝගිකයන්ද විකල්ප භාණ්ඩවලට යොමු කිරීමට ඔවුන් ද දැනුවත් කිරීම යෝග්‍ය බව බණ්ඩාර මහතා කීය.

පසුගිය කාලයේ ගෑස්, ඉන්ධන, කිරිපිටි ඇතුළු විවිධ භාණ්ඩ වෙළෙදපොළේ හිගයක් ඇතිවීම දක්නට ලැබුණු අතර අනවශ්‍ය ඉල්ලුමක් ද ඇතිවීම දක්නට ලැබුණු බව කී ඒ මහතා ඒ සදහා විකල්ප භාණ්ඩ පරිභෝජනයට පුරුදුවීමෙන් මුදල් ද ඉතිරිවන බව අසේල බණ්ඩාර මහතා පැවැසීය.

(ගයාන් සූරියආරච්චි)