බණ්ඩාරගම නාමයෝජනාවලට මොකද වුණේ


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මෙවර පළාත් පාලන මැතිවරණයට බණ්ඩාරගම  බණ්ඩාරගම පළාත් පාලන ආයතනය සඳහා 36 කුගෙන් යුත් නාමයෝජනා පත්‍ර අඩංගු ගොනුවේ අවසන් පිටුව කළුතර දිස්ත්‍රික් මැතිවරණ මහලේකම් කාර්යාලයේ තේරීම් භාර නිලධාරීවරයාට භාරදීමෙන් පසුව අතුරුදහන් විම නිසා නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව සමගි ජන බලවේගයේ බණ්ඩාරගම ආසන සංවිධායක නයනක රන්වැල්ල මහතා චෝදනා කරමින් පැවසීය

එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිල මුද්‍රාව තබා අත්සන් කරන ලද පිටුව එලෙස අස්ථානගතවි ඇති බව සංවිධායකවරයා කීය

අපි  නිශ්චිත ඒ ක්‍රියාදාමයට අනුකූලව සකස් කරපු ඒ වගේම පක්ෂයේ නීතිඥ මඩුළු තුනකින් අධීක්ෂණය කරපු, පක්ෂ නායකයා වගේම , මහ ලේකම් තුමා අධීක්ෂණය කරපු , ඒ වගේම මගේ ලේකම්වරයා ඇතුළු කණ්ඩායම කටයුතු කරලා සකස් කරපු නාම යෝජනා පත්‍රය නිවැරදිව අපි බාරදීම සිද්ධ කළා.

මේ පිළිබඳව කළුතර දිස්ත්‍රික් ලේකම් හා තේරීම් බාර නිලධාරී ජනක. කේ. ගුණවර්ධන මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය.

අපේ කාර්ය මණ්ඩලයට කිසිම අවශ්‍යතාවයක් නැහැ පිටුවක් හංගන්න. ඒගොල්ලෝ දැනගන්න ඕන හරියට බාර දෙන්න. ඡායා පිටපත් ඕන තරම් තියාගන්න පුළුවන්.

අපිට කොළ ටික හරියට දුන්නයි කියලා සහතිකයක් තියෙනවද? ඒගොල්ලොන් ගාව. අන්තිම මොහොතේ 110 ක් බාර දුන්නා. කච්චේරියේදී කොලේ නැති වුණා කියලා ඔප්පු කරන්න කියන්න. හැසිරීම පවා සැක සහිතයි. මුදල්වලට බඩු විකුණනවා.