බදුල්ල මන්ත්‍රි චාමර සම්පත් අත්අඩංගුවට


(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

ඌව පළාත් මහ ඇමැතිව සිටියදී සිදු වූ අක්‍රමකතාවක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.  

ඔහු අද දින අධිකරණයට ඉදිරිපත් කරන බව ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කියයි.

----------------------------------------------------------

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ප්‍රශ්න කරමින් පවතින බව එම ආරංචි මාර්ග පවසයි.

චාමර සම්පත් මහතා ඌව පළාත් අමාත්‍යවරයාව සිටියදී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එම ප්‍රශ්න කිරීම් කරන බවද සදහන්වේ.