බම්බලපිටියේ ධනවත් රෙදිපිළි ව්යාපාරික සුලෙයිමාන්ගේ (29) ඝාතනය සම්බන්ධයෙන් සැකපිට සේදවත්තේ හා ග්රෑන්ඩ්පාස් හි දෙදෙනෙකු ගැන ඉතා වැදගත් තොරතුරු ලැබී ඇතැයි ද සිරුර මාවනැල්ලේ හෙම්මාතගමට රැගෙන යාමට ඔවුන් සහය දී ඇතැයි ද කියති.
ඔවුන් ප්රශ්න කිරිම සඳහා කිහිප වරක් ද පොලිසියට ගෙන ආ බව වාර්තා වෙයි. තවත් කිහිප දෙනෙකුම පසු පස පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි ද වාර්තා වෙයි.