බඹරු පාසල් එති:දරුවෝ ගෙදර යති


(පාලිත ආරියවංශ සහ ප්‍රසාද් රුමල්)

බදුල්ල විශාඛා කනිෂ්ඨ විදුහල්බිමේ බඹර වදයක් ඇවිස්සිම නිසා  අද උදේ පාසලට  පැමීණි ශිෂ්‍යාවන් පිරිසක් ආපසු ගෙදර යැවීමට විදුහල් බලධාරිහු පියවර ගත්හ.

කෙසේ නමුත් පළාත් දොපාර්තතෙම්න්තු විසින් පවත්වන විභාගයට පෙනී සිටින ශිෂ්‍යාවන් විශාකා ජ්‍යෙෂ්ඨ අංශයට යවා  විභාගයට පෙනී සිටිමට අවශ්‍ය පහසුකම් සැලසූ බව විදුහල්පතිනි ඩී.ඩී.ඒ. දසනායක මහත්මිය පැවැසුවාය.

විදුහල් බිමේ ගසක ඇති බඹර වදය මෙන්ම පන්ති කාමර කීපයක සහ වැසිකිලි ගොඩනැගිල්ලක බැද ඇදි බඹර වද පිළිබදව අධ්‍යාපන බලධාරින්ට දැනුම් දී වනජීවි නිලධාරින්ට ද දැනුම් දුන් බවද විදුහල්පතිනිය කීවාය.