බලන්ගොඩ රා තැබෑරුම කෝටි දෙකකට වෙන්දේසි වෙයි




( සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බලන්ගොඩ  නගරයේ  ඇති  රා  තැබැරුම  2025 වසර  සදහා   දෙකෝටි  විසිඑක්  ලක්ෂයකට  අද (12) බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් කාර්යාලයේදී   ටෙන්ඩර්  වු  බව බලන්ගොඩ  ප්‍රදේශිය මහ  ලේකම් ලක්ෂිකා  මිගෙල්ආරචිචි මහත්මිය  පැවැසුවා.

එම රා තැබැරැම  2025 වසර   සදහා     වෙන්දේසි  කිරිම  සදහා  ලංසු  කැදවා  තිබුණ අතර එහිදී  ටෙන්ඩර්  කරු වන් හතර දෙනෙකු  විසින්  මිල  ගණන් ඉදිරි පත්  කර  තිබුණි.

 නියමිත  කොන්දේසි සපුරා  නොතිබිම හේතුවෙන්  එක් ටෙන්ඩර් පතක්  අවලංගු  කෙරැණ  අතර ඉතිරි  ටෙන්ඩර්  පත් වලින් ඉහළම  අගයක් ඉදිරිපත් කර  තිබුණ  දෙකෝටි විසිඑක්  ලක්ෂක මුදලකට  එය  වෙන්දේසි  කෙරිණි.

එම  රා  තැබැරුම  2025  වසර සදහා රජයේ  තක්සේරු  වෙන්දේසි  මුදල ලෙස  රුපියල්  එක්කෝටි  හැත්තෑ  එක්  ලක්ෂයක් ලෙස තක්සේරු  කර  තිබුණි.