
ශ්රී ලංකාව ආසන්න පහළ වායුගෝලීය කැලඹිලි තත්වය, අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් අද දිනයේ දිවයිනපුරා මෙන්ම දිවයින අවට ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශවල වැසි තත්වය වැඩි වනු ඇතැයි අපෙක්ෂා කෙරේ.
මේ සම්බන්ධයෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිර්දේශ පිළිබඳව අවධානයෙන් පවසන ලෙස ධීවර සහ නාවුක ප්රජාවට මෙන්ම මහජනතාගෙන් ඉල්ලා සිටියි.
බස්නාහිර, සබරගමුව, මධ්යම,උතුර, වයඹ සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර එම ප්රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇත.
දිවයිනේ සෙසු ප්රදේශවල පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd