(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හමුදා ප්‍රධානීන් තිදෙනකුට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව එක්සත් රාජධානිය පැනවූ සම්බාධක පිළිබඳ රජයේ ස්ථාවරය අද (26) සවස දැනුම්දෙන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් අදාළ ස්ථාවරය දැනුම්දෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
යුද සමයේ මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ චෝදනා එල්ල කරමින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනකුට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට සම්බාධක පනවන බව එක්සත් රාජධානිය නිවේදනය කළේය.
හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය සහ කලක් කොටි සංවිධානයේ නැගෙනහිර නායකයාව සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ට මෙලෙස සම්බාධක පනවන බව දැනුම් දී තිබිණි.