බැසිල්ගේ නීතිඥයන්ගේ විරෝධය ඉවතට


හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ඇමැති සමයේ දොම්පේ මාපිටිගමින් අක්කර 16ක ඉඩමක් මිලට ගත්තැයි කියන සිද්ධිය ගැන වාස්තු විද්‍යාඥ මුදිත ජයකොඩි පූගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතාගේ නිල මැදිරියේදී අද (27) ප්‍රකාශයක් කළේය.

බැසිල් රාජපක්ෂගේ නීතිඥවරු එම ප්‍රකාශයට විරෝධය පළ කළහ. එය වළක්වන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ජයකොඩිගේ නීතිඥවරයා කියා සිටියේ එවැනි ප්‍රකාශයකට ඔහුට නීත්‍යනුකූලව අවසරයක් ඇති බවයි. බැසිල්ගේ නීතිඥවරුන්ගේ විරෝධතා ප්‍රතික්ෂේප විය.