බූස්ස බන්ධනාගාරයේදී රැඳවියකු ඝාතනය කරයි


(යොහාන් භාසුර)

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ රැඳවියයෙකු ඝාතනය කර ඇති බවත් එම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ක්‍රියාත්මක වන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

උල් ආයුධයක් වැනි දෙයකින් ඇන මෙම ඝාතනය කර ඇති බවත් රිමාන්ඩ් භාරයේ සිටි රැඳවියෙකු මෙලෙස ඝාතනය වී ඇති අතර සිරදඬුවම් විඳින රැඳවියෙකු ඝාතනය කර ඇතැයි සැක කරන බවත් බූස්ස බන්ධනාගරයේ නිලධාරියෙක් කීය.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ නන්දකුමාර් ශිව නන්දන් නමැති 46 හැවිරිදි රැඳවියෙකු වන අතර ඔහුගේ සිරුරේ ස්ථාන 11ක පමණ උල් ආයුධයකින් ඇන්නේ යැයි සැකකළ හැකි තුවාල තිබූ බවත් බන්ධනාගාර නිලධාරීන්ට ඔත්තු දුන්නේ යැයි සැකයකට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ ගැටලුවකට මෙම ඝාතනය කළේ ද යන සැකය මතුවී ඇති බවත් එම නිලධාරියා කීය.