මංගල ස්ලෝවෙනියාවට


විදේශ අමාත්‍ය මංගල සමරවීර නිල සංචාරයක් සඳහා  අද (04) ස්ලෝවෙනියාව බලා පිටත්ව යාමට නියමිත අතර දින හතරක කාලයක් ඔහු එරට රැඳී සිටිමට නියමිතය.

ස්ලෝවේනියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍යවරයාගේ නිල ආරාධනයකට අනුව විදේශ අමාත්‍යවරයා එරට සංචාරය කරයි.

විදේශ අමැතිවරයා එරට පැවැත්වෙන සමුළුවක් ඇමතීමට ද නියමිතය.

මෙම සංචාරය තුළින් ශ්‍රී ලංකාව සහ ස්ලෝවේනීයාව අතර  පවතින දිගු කාලීන ද්විපාර්ශික සබඳතා නව මුහුණුවරක් ගනු ඇති බව විදේශ අමාත්‍යාංශය පවසයි.