ටෙලි නාට්‍යය කිහිපයක දැක ඇති කාවින්දි අමාෂා තවමත් පාසල් ශිෂ්‍යාවකි. රංගන ශිල්පිණියකට අමතරව මේ වනි විට නිරූපිකාවක් ලෙසද සිය දායකත්වය සපයන ඇය ඉදිරියේදී මෙම ක්ෂේත්‍ර තුළින් ඉදිරියට යාමට බලාපොරොත්තු වේ. ඒ නිසාම මෙවර 'සාරවිට' තරු කතා බහ තුළින් ඇයට ඉඩක් වෙන් කරන්නට අපි බලාපොරොත්තු වුණේමු.
කාවින්දි කියන්නේ නිරූපිකාවක්ද? නැත්නම් රංගන ශිල්පිණියක්ද?
නිරූපිකාවක් කියන්නත් පුළුවන්, රංගන ශිල්පිණියක් කියන්නත් පුළුවන්. ක්ෂේත්රයට මුලින්ම ආවේ රංගන ශිල්පිණියක් විදිහට. නමුත්, දැන් මම නිරූපිකාවක් විදිහටත් කටයුතු කරනවා. පසුගිය ටිකේම මනාලියක් ලෙස හැඩවෙලා නිරූපණ වැඩ වලට සම්බන්ධ වුණා.
ක්ෂේත්රයට ආපු හැටිත් කියමුකෝ?
මම ක්ෂේත්රයට ආවේ මගේ අම්මාගේ යාළුවෙක් වන ජිවන්ති ආන්ටිගේ මාර්ගයෙන්. දැනට අවුරුද්දක් විතර වෙනවා ක්ෂේත්රයට ඇවිල්ලා. මම මුලින්ම රඟපෑවේ 'සත්ගුනවත්ලා' කියන ටෙලි නාට්‍යයේ. ප්‍රියන්ත රාමනායකගේ උදව්වෙන් 'බිනරමලි' කියන නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණා කියලා. බිනරමලි ජනක චමින්දගේ අධ්‍යක්ෂණයක්.
කාවින්දි පුංචි කාලේ ඉඳලා හීන මැව්වේ කලාව පැත්තට යොමු වෙන්නද?
මම පුංචි කාලේ ඉඳලා නර්තනයට දක්ෂයි. ඒ වගේම තමයි කලාව පැත්තට යොමු වෙන්නත් මගේ අදහසක් තිබුණා.
නර්තනයෙන් ඉදිරියට යන්න අදහසක් නැද්ද?
මම දැනටත් නර්තනය හදාරනවා. උසස් පෙළ විභාගයටත් මම පෙනී ඉන්නේ නර්තන අංශයෙන්ම තමයි. නර්තනය පැත්තෙන් දිගු ගමනක් යන්න අදහසක් තියෙනවා.
තවමත් ඔබ පාසල් අධ්‍යාපනය ලබනවා. ඉඩ ලැබෙනවාද පාසලෙන් කලා කටයුතු වලට?
මම පාසල් යන්නේ කිරීල්ලවල මධ්‍ය මහා විද්‍යාලයට. මම ලබන වසරේ අ.පොස.ස උසස් පෙළ විභාගයට පෙනී ඉන්නවා. පාසලේ විදුහල්පතිතුමා අවසර දීලා තියෙන්නේ. පාසල් ශිෂ්‍යාවක් විදිහටත් පාසලේ ගෞරවය රැකෙන පරිදි කලා කටයුතු තෝරා බේරාගෙන රංගන කටයුතු වල නිරත වෙන්න. මේ අවස්ථාවේදී මගේ පාසලේ විදුහල්පති තුමා ඇතුළු ගුරු මණ්ඩලයේ සියලු දෙනාවම ඉතා ගෞරවයෙන් මතක් කරන්න ඕනා. මොකද, ඔවුන් හැම කෙනෙක්ම වගේ මට ගොඩක් උදව් කරනවා මගේ අධ්‍යාපන කටයුතු වලට බාධාවක් නෙවී කලා කටයුතු කරගෙන යන්න ඉඩ ලබා දීලා තියෙනවා.
කාවින්දි දැනට දායක වෙලා තියෙන කලා කටයුතු මොනවද?
මම දැනට 'සත්ගුණවත්ලා', 'බීනරමලී', 'දුර්ගතරණය' කියන ටෙලි නාට්‍යය වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් දායක වෙලා තියෙනවා. 'දෙව්ලොව යනකම්' හා 'බමනමදු' කියන වේදිකා නාට්‍යය දෙකටත් මම සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒ වගේම මනාලියක් ලෙස හැඩ වෙලා නිරූපණ කටයුතු බොහෝමයකටත් දැනට දායක වෙලා තියෙනවා.
මොනවද ඔබගේ ඉලක්ක?
මගේ පළමුවැනි ඉලක්කය තමයි අ.පො.ස උසස් පෙළ විභාගය සමත් වෙලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තු වෙන එක. ඊට අමතරව මගේ නර්තනයත් රංගනයත් වැඩිදුරටත් හදාරන්නත සූදානමක් තියෙනවා. ඒ වගේම තමයි ඒ අංශ වලින් කලා ලෝකයේ දිගු ගමනක් යන්නත් මම අදහස් කරමින් ඉන්නවා.
උදව් කළ අය?
මුලින්ම මතක් කරන්න ඕනා මගේ පවුලේ අයව. විශේෂයෙන්ම අම්මා, තාත්තා දෙන්න. ඊට පස්සේ මගේ අයියා, සුදු අම්මා දෙන්නවත්. ජිවන්ති සමරනායක, නිරෝෂා රණසිංහ, ප්‍රියන්ත රාමනායක, නිරෝෂා තලගල මේ හැම දෙනාවත් ආදරයෙන් මේ වෙලාවේදී මතක් කරන්න අවශ්‍යයි. මොකද මේ හැම කෙනෙක්ම මාව හැම වෙලාවෙදීම දිරිගන්නවනවා මගේ කලා වැඩ සාර්ථකව කරගන්න.
බුද්ධික සේනාධීර