මලබාර් ගිම්හාන ප්‍රවර්ධන වැඩසටහනෙන් රත්තරන් කිලෝ 10 ක් දිනා ගැනීමේ වරම්


ප්‍රමුඛ පෙළේ ස්වර්ණාභරණ වෙළෙඳ නාමයක් වන මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගම සිය ගිම්හාන ප්‍රවර්ධන දීමනාව පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත්කර ඇත. මෙම ප්‍රවර්ධන වැඩසටහන අගොස්තු 6 වැනිදා දක්වා ජීසීසී කලාපයේ සියලුම මලබාර් ප්‍රදර්ශනාගාරවලදී ක්‍රියාත්මක වෙයි.

Gold
මෙවර වැඩසටහන හරහා මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගම වෙතින් රන් සහ දියමන්ති ස්වර්ණාභරණ ලබාගන්නා ගනුදෙනුකරුවන්ට රත්තරන් කිලෝ 10 ක් දිනාගැනීමට අවස්ථාව ලබාදී ඇත. ඒ අනුව කටාර් රියාල් 500 ක් වටිනා රන් ආභරණ මිලට ගන්නා ගනුදෙනුකරුවන් සෑම සතියකදීම රන් ග්‍රෑම් 250 ක් පිරිනැමෙන ලොතරැයි දිනුම් ඇදීමට ඇතුළත් වීම සඳහා අවශ්‍ය කර කූපනයක් පිරිනැමෙන අතර කටාර් රියාල් 500 ක් වටිනා දියමන්ති ආභරණ මිලට ගන්නා ගනුදෙනුකරුවන්ට ලොතරැයි කූපන්පත් දෙකක් පිරිනැමේ.


මීට අමතරව ජීසීසී කලාපයෙන් මිලට ගත් කැරට් 22 පැරැණි ස්වර්ණාභරන කිසිදු පාඩුවකින් තොරව මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගමේ අලුත් ස්වර්ණාභරන සමග හුවමාරු කරගැනීමටද ගනුදෙනුකරුවන්ට අවස්ථාවක් ලැබෙයි. ඒ සඳහා ඔවුන් ගෙවිය යුතු වන්නේ වැඩ කුලිය පමණකි.


එසේම මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වන කාලය තුළ කැරට් 22 රනින් කළ ග්‍රෑම් 8 රන් කාසි කිසිදු වැඩ කුලියක් නොමැතිව මිලට ගැනීමේ හැකියාවද ගනුදෙනුකරුවන් වෙත ලැබෙයි.