මලබාර් ප්‍රවර්ධන වැඩසටහනේ පළමු ජයග්‍රාහකයන් 14 දෙනා තෝරයි


Malabar

 

මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගම විසින් මේ දිනවල ක්‍රියාත්මක කරන රත්තරන් කිලෝ ග්‍රෑම් 10 ක් දක්වා දිනාගැනීමේ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන් 14 දෙනෙකුගේ නම් පසුගියදා ප්‍රකාශයට පත්විය. ඉහත ප්‍රවර්ධන වැඩසටහනේදී සිදුකළ ලොතරැයි දිනුම් ඇදීමෙන් මෙම සෑම ජයග්‍රාහකයකුටම රත්තරන් කිලෝ 1/4 බැගින් දිනාගැනීමට හැකියාවක් ලැබුණු අතර ප්‍රවර්ධන වැඩසටහන මේ වසරේ අගෝස්තු 6 වැනිදා දක්වා ජීසීසී කලාපයේ සෑම මලබාර් ප්‍රදර්ශනාගාරයකදීම ක්‍රියාත්මක වෙයි.


රත්තරන් කිලෝ ග්‍රෑම් 10 ක් දක්වා දිනාගැනීමේ ප්‍රවර්ධන වැඩසටහන මෙවර ආරම්භ කරනු ලැබුවේ මලබාර් ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ අනාගතය වෙනස් කරගැනීම සඳහා ජීවිත කාලයටම එක් වරක් පමණක් ලැබෙන අවස්ථාවක් ලබාදීමේ අරමුණ ඇතිවය. මෙම වැඩසටහනේදී රන් සහ දියමන්ති ස්වර්ණාභරණ මිලට ගන්නා ගනුදෙනුකරුවන්ට රත්තරන් කිලෝ 10 දක්වා දිනාගැනීමේ අවස්ථාව උදාවෙයි. ඒ අනුව කටාර් රියාල් 500 ක් වටිනා රන් ආභරණ මිලට ගන්නා ගනුදෙනුකරුවන්ට සෑම දිනුම් ඇදීමකින්ම රත්තරන් කිලෝ 1/4 ක් දිනාගැනීමේ අවස්ථාව උදාවන ලොතරැයි දිනුම් ඇදීමට ඇතුළත් වීමේ අවස්ථාව හිමිවෙයි. කටාර් රියාල් 500 ක් වටිනා දියමන්ති ආභරණ මිලට ගන්නා ගනුදෙනුකරුවන්ට ලොතරැයි කූපන දෙකක් හිමිවන නිසා ජයග්‍රහණය කිරීමේ අවස්ථාව දෙගුණ වෙයි.