
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක සහ රංජිත් රාජපක්ෂ)
මස්කෙළිය ශාන්ත ජෝෂප් දෙමළ විදුහලේ ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන් 35 දෙනකු අද පෙරවුරු 08.45 ට පමණ හදිස්යේ රෝගාතුර වී මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කළ බව පාසලේ ප්‍රකාශකයෙක් පැවැසීය.
පාසලේ පන්ති කාමර 03 ක අධ්‍යාපනය හදාරමින් සිටි සිසු සිසුවියන් 96 දෙනෙකෙු උදෑසන ආහාර අනුභව කිරීමෙන් අනතුරුව ඔවුන්ට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇත් වූ නිසා සිසු සිසුවියන් 35 දෙනකු ප්‍රතිකාර සඳහා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කළ බව එම පාසලේ ගුරුවරු පැවසූහ.
රෝහලට ඇතුළත් කරන ලද සිසු සිසුවියන් 35 දෙනෙක් ප්‍රථිකාර ලබා නිවෙස් බලා පිටව ගිය බවත්, ගැහැණු දරුවන් දෙදෙනෙක් හා පිරිමි දරුවන් තිදෙනෙක් ඇතුළුව සිසු සිසුවියන් 05 දෙනකු නේවාසිකව ප්‍රථිකාර ලබන බවත් රෝහලේ වෛද්‍යවරු පැවසූහ.

