මහ රොත්තක් නාවික හමුදාව හැර ගිහින්



(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන්167දෙනකු සහ නාවිකයන් දහ දහස් දෙකක් ( 10002) පසුගිය වසර පහක කාලයේදී ( 2019- 2023) සේවය හැර ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්   වේ.

එම තත්වය අවම කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවද එහි දැක්වේ.

මේ අතරේ නාවික හමුදාවට  2019 සිට  2023 දක්වා කාලයේදී නිලධාරීන් 537 ක් සහ නාවිකයන් 17734 ක් බදවා ගන්නා විට විශ්‍රාම හා සේවය හැර ගිය සංඛ්‍යාව පිළිවෙලින් 580ක් සහ  17734ක් වී තිබූ බව පවසන එම වාර්තාව  නාවික හමුදාවෙන් ඉවත්ව යන සංඛ්‍යාවට සාපේක්ෂව බඳවා ගන්නා සංඛ්‍යාව සියයට 52 ක පහළ මට්ටමක පැවතුන  බවද සඳහන් කරයි.