ෆුට්බෝල් ක්‍රීඩාව ලෝකයේ හඳුන්වන්නේ රස්තියාදුකාරයන්ගේ ක්‍රීඩාවක් ලෙසයි. ක්‍රිකට් හඳුන්වන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙසයි. එහෙත් එය වැරැදි යැයි පසක් කරන සිදුවීම් වුවමනා තරම් සොයාගන්න ක්‍රිකට් සහ ෆුට්බෝල් ක්‍රීඩාවලින් හැකියි. ඒ නිසා ක්‍රිකට් තුළ රස්තියාදුකාර ගතිත් ෆුට්බෝල් තුළ මහත්මා ගතිත් එමට බව බැලූ බැල්මට දැකිය හැකියි. මේ ජපානයේ ළමුන් කණ්ඩායමක් සමග පැවරති ෆුට්බෝල් තරගයක් අවසානයේ එය ජයග්‍රහණය කළ බාසිලෝනා ළමා කණ්ඩායම සිය ප්රතිමල්ලවයන්ගේ කඳුළු පිසදමන අයුරුයි. ඔවුන් ඒවා හුරුවන්නට ඇත්තේ සිය ජ්‍යෙෂ්ඨ අයිකනයන්ගෙන් විය හැකියි. එහෙත් එය ලෝක මට්ටමෙන් දැඩි අවධානයක් යොමුවිය යුතු තත්ත්වයක් වන්නේ සැබෑව නොදන්න බොහෝදෙනෙකු තවමත් ෆුට්බෝල් යනු රස්තියාදුකාරයන්ගේ ක්‍රීඩාවක් යැයි පවසන නිසාවෙනි.
රචින්ත ජයවර්ධන