මහපොළ ප්‍රමාදය වළක්වන්න පියවර


(යොහාන් භාසුර)

විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මහපොළ ශිෂ්‍යාධාර ප්‍රමාදයකින් තොරව ලබා දීම සඳහා කෙටිකාලීන පියවර වෙත අවදානය යොමුවී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.  

අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද (24) පැවැති සාකච්ඡාවකදී එම පියවර ගෙන තිබේ.

පළමු වසර සිසු සිසුවියන්ට වී ඇති මහපොළ දීමනාව ලැබීමේ ප්‍රමාදය අවම කරගැනීමට කෙටිකාලීන පියවර සහ අනෙකුත් වසරවල සිසු සිසුවියන්ට මහපොළ දීමනාව ප්‍රමාදයකින් තොරව දීමට ගතහැකි පියවර පිළිබඳව අවධානය යොමු වී ඇති බව ද අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.

මහපොළ ශිෂ්‍යාධාර ප්‍රමාදය අවම කිරීමේ දිගු කාලීන වැඩපිළිවෙළක් ලෙස මහපොළ ශිෂ්‍යාධාරලාභීන්ගේ පරිගණකගත දත්ත පද්ධතිය නවීකරණය කිරීම සම්බන්ධයෙන් ද අවදානය යොමුවී ඇති බව ද අධ්‍යාපන අමාත්‍යංශය වැඩි දුරටත් සදහන් කරයි.