(යොහාන් භාසුර)
මහවැලි අධිකාරිය සංවිධානය කරන වාර්ෂික මහවැලි ක්‍රීඩා උළෙලේ දෙහිඅත්තකණ්ඩිය මහවැලි ක්‍රීඩාංගණයේදී හෙට (29) පැවැත්වීමට නියමිතව තිබූ මහවැලි නිලධාරී ක්‍රිකට් තරගාවලිය හිටිහැටියේ අවලංගු කිරීමට එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පියවර ගැනීමෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව මහවැලි අධිකාරියේ නිලධාරීහූ පවසති.
වර්තමාන ආණ්ඩඩුව පත්වීමෙන් පසුව මෑතකදී උසස්වීම් ලැබූ අදාල නිලධාරියා හිටිහැටියේ නිලධාරී ක්‍රිකට් තරගාවලිය අවලංගු කළ බවත් එය මහවැලි අධිකාරියේ නිලධාරීන්ට කළ දැඩි අසාධාරණයක් බවත් එහි සේවකයෝ පවසති.
මෙවර මහවැලි ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලිය දෙහිඅත්තකණ්ඩිය මහවැලි ක්‍රීඩාංගණය ඇතුළු ක්‍රීඩාංගණ හයකදී හෙට පැවැත්වීමට නියමිත අතර නිලධාරී තරගාවලියට කොළඹ ප්‍රධාන කාර්යාලයීය කණ්ඩායම ඇතුළු කණ්ඩායම් 13 ක් සහභාගි වීමට නියමිතව තිබූ බවත් මහවැලි සේවකයෝ කියති.
ප්‍රාදේශීය තරග පැවැත්වීමේ සිට නිලධාරී තරගාවලිය වෙනුවෙන් අවසන් තරග සඳහා ක්‍රීඩාංගණ වෙන්කර දක්වා මෙතෙක් කළ මුදල් එම අවලංගු කිරීමත් සමඟ අපතේ යන බව කී මහවැලි සේවකයෝ මෙවැනි සිද්ධීන් පිළිබඳව මහවැලි අමාත්‍යවරයා අවධානය යොමුකළ යුතු බව ද වැඩි දුරටත් සඳහන් කළේය.