(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හදුන්වන ‘සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය’ පසුගිය පෙබරවාරි මාසයේ දර්ශකාංක 55.6 ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.
පෙබරවාරි මස ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් වාර්තා කර ඇති බවත් මෙම වර්ධනය තව දුරටත් පවත්වා ගැනීම සඳහා නව මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතිවල තව දුරටත් වර්ධනය වියයුතු බවත් මහ බැංකුව කියයි.
මාර්ග සහ වාරිමාර්ග පද්ධති පිළිසකර කිරීමේ ව්‍යාපෘති ඇතුළුව නව ව්‍යාපෘති ප්‍රදානය කිරීම් ඉහළ යෑම හේතුවෙන් පෙරවාරි මස නව ඇනවුම් දර්ශකය ඉහළ ගිය බව ද එම බැංකුව සඳහන් කළේය.
ඉදිකිරීම් කටයුතුවල වර්ධනයත් සමඟ තොග මිලදී ගැනුම් සහ ඇනවුම් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය යන දර්ශක තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කළේය.