රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පුත් රෝහිත රාජපක්ෂ අද(6) වැලිකඩ ගියහ.
එහිදී අදහස් දැක්වූ හිටපු ජනපති කීවේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹ නගරයට ලොකු සේවයක් කළ කෙනෙක් හෙයින් ඔහු බැලීමට පැමිණි බවයි.
සාලාව ගින්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් රාජපක්ෂ මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ එය රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් නිසා එකවරම ඒ ගැන කිසිවක් කිව නොහැකි බවයි.