මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ප්‍රධාන ආරක්ෂක නිලධරයා වූ මේජර් නෙවිල් වන්නිආරච්චි අද (7) ලිපි ගොනුවක්ද රැගෙන රහස් පොලිසියේ පෙනී සිටියේය.
ව්‍යාපාරික ජගත් සුමතිපාල ද අද සීඅයිඩියට කැඳවා තිබිණි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මීට කලින් වන්නිආරච්චිට නියෝග කළේ සිදුවී යැයි කියන වංචා හා දූෂණ ගැන රහස් පොලිසියට හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සහාය වන ලෙසයි.