සීඑස්එන් නාලිකාවේ හිටපු සභාපති හා හිටපු ජනපතිගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට සිංගප්පුරු ගුවන් තොටුපළින් පිටුවහල් කර ඇතැයි එකාබද්ධ විපක්ෂය කියයි.
ආසියා රූපවාහිනි විකාශනය සඳහා සහභාගී විමට ඔහු සිංගප්පුරුවට ගිය බව කියති. අඟහරුවාද (31) සිංගප්පුරුවට ගිය ඔහු පැය තුනක් තිස්සේ ගුවන් තොටේ රඳවා ප්‍රශ්න කිරිමෙන් පසු පිටුවහල් කර ඇති බව වාර්තා වෙයි.
ඔහු පිටුවහල් කිරිමට හේතුවක් දක්වා නැත. සිඑස්එන් නාලිකාවේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඔහුට ද එරෙහි පරික්ෂණයක් පැවැත්වෙන නමුත් අධිකරණය ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය තහනම් කර නැතැයි දැනගන්නට ඇත.