මහින්දගේ සංචාරයට ඩයස්පෝරා විරෝධය


සංචාරයක් සඳහා මැලේසියාවට ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව එරට දෙමළ ඩයස්පෝරාව අද (01) ක්වාලාලම්පූර් අගනුවරදී විරෝධතාවක් පවත්වා ඇතැයි ‘‘ද මැලේසියන් ටයිම්ස් ’’ වෙබ් අඩවිය වාර්තා කළේය.

හිටපු ජනාධිපතිවරයා එරට පැවැත්වෙන ආසියානු දේශපාලන පක්ෂ වල ජාත්‍යන්තර සම්මේලනයට සහභාගී වීම සඳහා ක්වාලාලම්පූර් නුවරට ළගා වූ අවස්ථාවේ මෙම විරෝධතාවය පවත්වා ඇතැයි වාර්තාවේ.

මැලේසියාවේ දෙමළ ඩයස්පෝරා සංවිධාන වන පේර්තුබුහාන් නාම් තමිලර්  සංවිධානය ඇතුළු එරට දෙමළ ප‍්‍රජාව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් හිටපු ජනාධිපතිවරයාට එරෙහි විවිධ සටන් පාඨ හා විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූහ.

මානව හිමිකම් උල්ලංඝනය කරමින් ලංකාවේ දෙමළ ජනයාට හිරිහැර කළ නායෙකු සාමකාමී රටක් වන මැලේසියාවට පැමිණීම නිගරුවක් වන බව පේර්තුබුහාන් නාම් තමිලර්  සංවිධානයේ සභාපති කෙලෙයි මුගිලන් කියයි.

IMG-20160901-WA0021-1-768x576 IMG-20160901-WA0028-685x320