මහින්දයි ජවිපෙයි කමිටුවට නොඑති


ජනතාවගේ මූලික  ප්‍රශ්න වලට විසඳුම් නොසොයා කෙතරම් හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළද එය රටේ ස්ථාවරභාවයට පත්වන්නේ නැතැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති ලාල් විජේනායක මහතා අද (01) කොළඹ 07 විසුම්පායේ දී මාධ්‍ය හමුවක දී පැවසුවේය.

මෙයට අදහස් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියද ජනතා විමුක්ති පෙරමුණ හා මහින්ද රාජපක්ෂ මහතා ඒ සදහා එක් නොවූ බව ද පිටු 300 කින් සමන්විත මෙම කමිටු වාර්තාව www.yourconstitution.lk වෙබ් අඩවියට පිවිසීමෙන් බලා ගත හැකි බවද ඒ මහතා කීවේය.

GLA_4583