මාතර ගින්න පැතිරේ : යුද හමුදාවත් කැඳවයි


මාතර කොටුවේගොඩ කඩ පෙළේ ගින්න නිවා දැමීමට ගාල්ල, තංගල්ල හා මාතර ගිනි නිවන රථ යොදවා ඇත. එහෙත් ගින්න දරුණු ලෙස පැතිරී යන බව නගර වැසියෝ කියති.

කොටුවේගොඩ දැඩි වාහන තදබදයක් ද හට ගෙන ඇත.පිරිස් පාලනය සඳහා පොලිසියට අමතරව යුද හමුදාවද කැඳවනු ලැබ සිටී.