මාතලෙන් පරණ තුවක්කු ගොඩක් ගොඩගනී


මාතලේ නව කච්චේරි සංකිර්ණයක් ඉදිකිරිම් සඳහා  අත්තිවාරම් කපද්දී වසර ගණනාවකට  පෙර  වළ දැමු බව කියන ගිනි අවි තොගයක් සොයා ගත් බව පොලිසිය කියයි.

දිරාපත්  වී  තිබු  මෙම ගිනි අවි  රජයේ රස පරික්ෂකට  ඉදිරිපත් කළ බව පොලිසිය කියයි. මාතලේ මහේස්ත්‍රාත් එස්.බී.එච්.එම්. සේසිරි හේරත් මහතා එම අවි පරික්ෂා කළේය.

ගොඩගත් ගිනි අවි අතර තනි කානුවේ තුවක්කු 137ක්ද කානු දෙකේ තුවක්කු කඳන් 6ක්ද රිවෝල්වර 6ක කොටස් ද ඇතැයි පොලිසිය මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.

1971 අප්‍රේල් කැරැල්ල සමයේත් 1988/89 දෙවැනි කැරැල්ල සමයේත් මාතලේ දිස්ත්‍රික්කයේ ගැටුම් පැවතියේය. මීට පෙර මාතලේ රෝහල් භූමිය කනිද්දී වසර ගණනාවකට පෙර වළ දැමුණු බව කියන මිනිසුන්ගේ ඇට කටුද ගොඩ ගැනිණි. අද ගොඩගත් අවි පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති අවි නොවිය හැකි බව බැලූ බැල්මට පෙනෙතියි කියති. 

මෙම කැරලි දෙකේදීම ළඟම ඇති පොලිසියකට හෝ රජයේ කාර්යාලයකට අවි බාරදීමේ ඉඩකඩ සලසා තිබිණි.

2 11 222