කොළඹ විශ්ව විද්‍යාලයේ මානව හිමිකම් කේන්ද්‍රය විසින් සංවිධානය කරනු ලබන තෙදින ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුව, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ආරම්භ විය. නෙදර්ලන්ත විදේශ අධ්‍යක්ෂක ජනරාල් ඇන්ඩ්ර හැස්පෙල්ස් හා සිඩ්නි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩැනියෙල් කෙලෙමේජර් ද එහි වූහ.