( දයාරත්න ඇඹෝගම)
මෙම වසරේ මුල් මාස හය තුළ පමණක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ළමා අපයෝජන සිද්ධින් සම්බන්ධයෙන් පැමිණිලි 491 ලැබි ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ළමා රක්ෂක නිලධාරි මහේන්ද්‍ර දසනායක මහතා පවසයි.
ළමා අපයෝජන සිද්ධින් සම්බන්ධව වාර්තාකරණයේදි සදාචාරත්මක මාධ්‍ය භාවිතය පිළිබදව ජනමාධ්‍යවේදින් දැනුවත් කිරිම සදහා පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති වැඩමුළුවකදි ඒ මහතා මේ බව පැවසිය.
මෙහිදි මාධ්‍යවේදින් දැනුවත් කරමින් අනුරාධපුර දිස්ත්‍රික් ළමා රක්ෂක නිලධාරි මහේන්ද්‍ර දසනායක මහතා මෙසේද පැවසිය.
“ මෙම කාලය තුලදි අංක 1929 ළමා උපකාරක සේවාව වෙත ළමා අපයෝජන සිද්ධින් 202 ක් සහ දිස්ත්‍රික්,ප්‍රාදේශිය නිලධාරින් වෙත පැමිණිලි 289 ක් ලැබි තිබෙනවා.”
“මීට අමතරව පරිවාස දෙපාර්තමේන්තුවේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරින් වෙතද ළමා හිමිකම් කඩවිම පිළිබදව පැමිණිලි 464 ක් ලැබි තිබෙනවා.”
“එසේම පොලිසිය,නීති ආධාර කොමිෂන් සභාව,පළාත් පරිවාස දෙපාර්තමේන්තුව,රෝහලට යන ආයතන වෙතද ළමා අපයෝජන සිද්ධින් සමබන්ධයෙන් පැමිණිලි ලැබි තිබෙනවා.”