මැක්රොන් සටන් විරාමයක් ඉල්ලයි


ගාසා තීරයේ පලස්තීන කාන්තාවන්, වැඩිහිටියන් සහ කුඩා දරුවන් ඝාතනය කරමින් සිදුවන ඊශ්‍රායල හමුදා ප්‍රහාර වහා නවත්වා, සටන් විරාමයකට යා යුතු බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි.

ඊශ්‍රායල හමාස් යුද්ධයේ දී ඇමෙරිකාව ඇතුළු සෙසු බටහිර රටවල් සේම ප්‍රංශයේ ද ස්ථාවරය වී ඇත්තේ, හමාස් සංවිධානය ගාසා තීරයෙන් මුලිනුපුටා දැමිය යුතු බවය.

කෙසේ නමුත් දිගින් දිගටම ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන සිවිල් වැසියන් මියයෑම අනුමත කළ නොහැකි යැයි මැක්රොන් පැහැදිලි කරයි. එය කිසිසේත් සාධාරණීකරණය කළනොහැකි බව ද මැක්රොන් අවධාරණය කරයි.

මැක්රොන් මෙසේ අවධාරණය කළේ බීබීසී පුවත් නාළිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

(බීබීසී)