
(ටී.කේ.ජී.කපිල)
කටුනායක ගුවන් තොටුපොළෙන් අද දහවල් 12.55 ට එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්වූ ශ්රී ලන්කන් ගුවන් යානයක කුරුල්ලෙකු හා ගැටීම නිසා , ආපසු කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නියමුවා විසින් පියවර ගත් බව , ශ්රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්රකාශකවරයෙක් පැවසීය.
එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් වූ අතර එහි ගුවන් මගීන් 269 සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 15 සිටි අතර එම ගුවන් මගීන් අතර කුඩා ළමුන් සිව් දෙනෙකු ද ගමන් කර ඇත.
මෙම ගුවන් යානය යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමෙන් පසු , නිරුපද්රිතව එහි සිටි ගුවන් මගීන් බස්සවා ඇත
පසුව ඔවුන් වෙත සංග්රහයක් සිදු කිරීමට ශ්රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබුණි .
එම ගුවන් මගීන් වෙනත් යානයකින් එංගලන්තයේ හීත්රෝ ගුවන් තොටුපොළ බලා පිටත්ව ගියේය
අනතුරට පත් ගුවන් යානය මේ වනවිට අලුත්වැඩියා කටයුතු සදහා යොමු කර තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd