(සුජිත් හේවාජුලිගේ )
සුළු සුළු අඩුපාඩු මත ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මැදිහත් වී විසඳුමක් ලබා දෙන ලෙස දේශපාලන පක්ෂවල ලේකම්වරුන් එහි ප්‍රධානීන්ගෙන් දැඩිව ඉල්ලීමක් කර ඇත.
දේශපාලන පක්ෂවල ලේකම්වරුන් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් අද පෙරවරුවේ හමුවූ අවස්ථාවේදී මෙම ඉල්ලීම කර ඇත.
අධිකරණයට නොගොස් එම ගැටලු නිරාකරණය කර ගැනීමට හැකි වුවහොත් එය විශාල පහසුවක් බව පක්ෂ ලේකම්වරුන් එහිදී දැනුම් දී ඇත.
මැතිවරණයේදී වියදම් කරන ආකාරය සම්බන්ධයෙන්ද මෙම හමුවේදී විශේෂයෙන් සාකච්ඡා කර ඇත. ප්‍රතික්ෂේපවුණු නාම යෝජනා පත්‍ර සහ ඒ සඳහා බලපෑ හේතු කාරණා සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයන් එහිදී පුළුල්ව කරුණු දක්වා තිබුණු බවද දැනගන්නට ඇත.
දේශපාලන පක්ෂ රැසකට අයත් නාමයෝජනා පත්‍ර විවිධ හේතු මත මැතිවරණ නිලධාරීන් විසින් පසුගිය දිනවල ප්‍රතික්ෂේප කෙරිණ. පළාත් පාලන මැතිවරණය මැයි මස 6 වැනිදා පැවැත්වීමට නියමිතය.