මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පුද්ගලයින් 32 ක් අත්අඩංගුවට


(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

නීති උල්ලංඝනය කිරීම් සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පුද්ගලයන් 32 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.

නාමයෝජනා බාර දුන් ඉකුත් 3 වැනි දින සිට පසුගිය දින 21 ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 16 ක් වාර්තා වී ඇති බවද මනතුංග මහතා කීය.