(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා රුසියාව තායිලන්තය ඇතුළු රටවල් රැසකින් විදෙස් නිරීක්ෂකයෝ 22 දෙනෙක් පැමිණ සිටිති.
මින් වැඩි පිරිසක් දකුණු ආසියානු රටවල නිරීක්ෂකයන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. කොමිසමේ ආරාධනයෙන් මෙරටට පැමිණ අැති විදෙස් නිරීක්ෂකයන් සංඛ්‍යාව 10 කි.
මේ අතර නිදහස් මැතිවරණය සඳහා වූ ආසියානු ජාලයේ නිරීක්ෂකයන් ඊයේ මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයන් හමුවී සිය නිරීක්ෂණ කටයුතු ආරම්භ කළ බ ව කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.
මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම නිරීක්ෂණ කටයුතු සිදු කෙරේ.
මැතිවරණයේ විපරමට විදෙස් නිරීක්ෂකයෝ 22 ක්
Recommended Articles